නයිජීරියාව සිය ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත හඳුන්වාදීම එරට ජනාධිපති ගුඩ්ලක් ජොනතන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් සිදුකළ බව විදෙස් පුවත් සේවා පවසයි.
2019 වසරේදී මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත ඡන්ද කාඩ්පත ලෙස භාවිත කරමින් ඒ හරහා සියලු නයිජීරියානු ජාතිකයන්ට තම ඡන්දය පවා ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.
එහිදී, මෙම ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත සමග සම්බන්ධ වෙමින් මාස්ටර් කාඩ් වෙතින් එය විද්‍යුත් බැංකු කාඩ්පතක් ලෙස යොදාගැනීමටද හැකි ලෙස සංවර්ධනය කර තිබේ.
ඒ අනුව, තවම බැංකු ගිණුමක් පවා නොමැති මිලියන ගණනක් වන නයිජීරියානුවන්ට මූල්‍ය සේවා සමග තම හැඳුනුම්පත යොදා ගනිමින්ම, ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට අවස්ථාව හිමිවන බවද කියැවෙයි.
මීට වසර 10කට පෙර නයිජීරියාව වෙත මෙවැනි ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වාදීමට උත්සාහ කළත් එම අවස්ථාවේදී එය ව්‍යර්ථ වී ගියේය.
රට තුළ පවතින දූෂණය එම වැඩපිළිවෙළ අකර්මන්‍ය වීමට හේතුව බව කියවුණු අතර, මෙම නව හඳුන්වාදීමටද දූෂණය හේතුවෙන් යම් බලපෑමක් ඇතිවිය හැකි බවටත් යම් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.