ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ සිට ගිනිගත්හේන මිනුවන් දෙණිය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ ජීප් රථයක් අනතුරට පත්වීමෙන් එම ජීප් රථයේ ගමන්ගත් ජ්‍යෙෂ්ඨ ඡන්ද පොළ භාර නිලධාරියා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ.
කිතුල්ගල සිට හැටන් දක්වා ධාවනය වූ ලොරියක මුහුණට මුහුණලා ගැටී ඇත්තේ අද (07දා) දහවල් 12.30 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල පොලිස් ස්ථානයට නුදුරිනි.
නිලධාරීන්ගේ තත්ත්වය බරපතළ නිසා එම ඡන්ද පොළට වෙනත් වාහනයක් හා නිලධාරීන් පත්කිරීමට නුවර එළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර තිබේ.