ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පැමිණි දිනයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිල යන මහත්වරුන් සහ අගවිනිසුරු මොහාන් පීරිස් යන පුද්ගලයන් එකතුව මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීම අවහිර කිරීමට කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් සිදුකළ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (14දා) පැමිණිලි කළේය.
එදින රාත්‍රියේ හදිසි නීතිය පනවා ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වැටලීමට සූදානම් වූ බවද හෙතෙම මෙහිදී ප්‍රකාශ කර සිටියේය. මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසද මංගල සමරවීර අමාත්‍යවරයා රහස් පොලීසියට පැමිණිලි කර තිබේ.