මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබේන බව රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණි ෆොන්සේකා මහතා පැවසීය. නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් රජයේ මුද්‍රණාලය වෙත අවශ්‍ය අනුමැතිය ඊයේ(14) දිනයේ ලබාදී තිබේ. මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්වී සිටින බැවින් එම ඡන්ද පත්‍රිකා ඉතා දිගු විය හැකි බවද ගාමිණි මහතා පැවසීය.