ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්රිකා බෙදාදීමේ කටයුතුවලින් සියයට 60 ක් පමණ අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.
අයහපත් කාලගුණය හේතුවෙන් නිල ඡන්ද පත්රිකා බෙදාහැරීමේ ප්රමාදයක් වුවද, ඉදිරි දින කිහිපය තුළ එම කටයුත්ත අවසන් කරන බවත්, ජනවාරි 04 දින විශේෂ දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඡන්ද පත්රිකා බෙදාහරින බවත් තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසීය.