චෝදනා පදනම් විරහිතයි - උප ඇමති මුතු
“අපට නඟා ඇති චෝදනා පදනම් විරහිතයි. මෙම සිද්ධියට මාගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉදිරියේදී ගරු අධිකරණය මගින් අපිව නිදහස් කරන්න කටයුතු කරාවි යැයි මා සිතනවා” යැයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුව අද (28දා) විභාගයට ගැනීමෙන් පසුව අධිකරණ භූමියේදී මාධ්‍ය අමතා ඔහු ඉහත අදහස් දැක්වීය.
නඩුව නැවතත් ඔක්තෝම්බර් 26දා දක්වා කල් තබන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වඳුරඹ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් බලහත්කාරයෙන් පොලීසියෙන් රැගෙන යාම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
සිද්ධියෙන් පසුව වඳුරඹ පොලිස් ස්ථානාධිපතිව කටයුතු කළ පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා දේශපාලන බලපෑම් මත අපක්ෂපාතීව රාජකාරී කිරීමට නොහැකි බව පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස් වූ අතර, ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ඔහු පොලිස් සේවයට පැමිණියේය. මේ වනවිට වඳුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසම ඔහු රාජකාරී කරන අතර නඩු විභාගයට ඔහුත් පැමිණියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්/ ජිනේෂ් නානයක්කාර/ රවිදු දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

