පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ දේශීය විදේශීය නිලධාරීන් හා මාධ්‍යවේදීන්ගේ ගමන් පහසුව සඳහා චීනයෙන් ගෙන්වා තිබූ අධි සුඛෝපබෝගී බස්රථ සියය (100) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදෙන බවට සමුළුවට පෙර තීරණයක් ගෙන තිබුණද, මේ දක්වා ඒවා ලබාදී නැති බව ලංගම ආරංචි මාර්ග පවසයි.
මුදල් අමාත්‍යාංශය මගින් මෙම බස්රථ ගෙන්වා තිබුණු අතර, සමුළුවට අදාළව පත්කළ කමිටුවට ඒවා භාරදී තිබිණි.සමුළුවේ කටයුතුවලින් අනතුරුව ලංකා ගමනාගමන මණ්ඩලයට අදාළ බස්රථ ලැබුණු පසු ඒවා කොළඹ සිට ගමන් අරඹන දුරගමන් සේවා සඳහා යොදාගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබිණි.
දැනටමෙම බස් රථ සියය මුදල් අමාත්‍යාංශය යටතේ ඇති අතර, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ බස්රථ ලබාදෙන දිනයක් සම්බන්ධව මේ දක්වා තම අමාත්‍යාංශයට දැනුම්දීමක් කර නොමැති බවයි. ආසන 42කින් යුත් මෙම අධිසුඛෝපබෝගී බස්රථයක් රැපියල් එක්කෝටි තිස් ලක්ෂයක් පමණ වෙතැයිද සඳහන් වෙයි.