චෙන්නායිහි දුම්රියක සිදුවූ බෝම්බ පිපුරුමට ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ත්‍රස්තවාදියාගේ සම්බන්ධයක් පවතිනවාද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මීට දින තුනකට ඉහතදී ඉන්දීය මධ්‍යම බුද්ධි ඒජන්සිය හා තමිල්නාඩු පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී මොහොමඩ් සහීර් හුසේන් නැමැති ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජතිකයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර ත්රස්තවාදියා පාකිස්තානයේ අයි.එස්.අයි. සංවිධානයට සම්බන්ධ බවට ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට තහවුරු කරගෙන තිබේ.