චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ වෙළෙඳ සංකීර්ණයක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 31 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
වෙළෙඳ සංකීර්ණයට පැමිණි ජනතාව හප්පාගෙන පැමිණි මෝටර් රථ දෙකකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එම අවස්ථාවේදීම ඔවුන් විසින් බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ පිරිස මේ වනවිට 90 ට වඩා වැඩි බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.
චීනයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ මෙය බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි.
මෙම පළාතේ සිටින ඉස්ලාමීය අන්තවාදීන් විසින් මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.