චීනයට යන සල්ලි නවතන්න වේක්කයා වගාකරයි
මුහුද ආශ්රිත ධීවර කර්මාන්තයේ දී මත්ස්‍ය ඇම වශයෙන් යොදා ගන්නා වේක්කයා නැමැති මත්ස්‍ය විශේෂය ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇත.
දැනට මසුන් ඇල්ලීම පිණිස ඇම වශයෙන් යොදා ගන්නා දැල්ලන් විශේෂය චීනයෙන් ආනයනය කරන අතර, එම ඇම දැල්ලන් කිලෝවක මිල ඩොලර් 07ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ධීවර ප්‍රජාව ඉල්ලිමක් ඉදිරිපත් කර ඇත.ඒ යටතේ මත්ස්‍ය ඇම වශයෙන් පහසුවෙන් වගා කළ හැකි වන්නේ වේක්කයා හෙවත් Milk Fish නැමැති මත්ස්‍ය විශේෂයයි.
පළමු පියවර යටතේ ප්‍රතිලාභීන් 20ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් ලක්ෂ 05ක ආධාර මුදලක් ලබා දී වේක්කයා මත්ස්‍ය වගාව අරඹන්නැයි අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම 2018 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනයට වේක්කයා මත්ස්‍ය වගාව සම්බන්ධයෙන් අයවැය යෝජනාවක් ඉදිරිපත්කරන්නැයි ද අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස් දුන්නේය. මීට අමතරව වේක්කයා මත්ස්‍ය අභිජනනාගාරයක් ද ඉදි කිරීමට තීරණය කරන ලදුව එහි කටයුතු මෙම වසර තුළ ඇරඹීමට නියමිතය.
දැනට චීනයෙන් ඇමදැල්ලන් ආනයනය කිරීමටආසන්න වශයෙන් රු. මි. 100කට ආසන්න මුදලක් වැයවන බව හෙළි වී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

