චීනයේ බීජිං අන්තර්ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන බැවින් එයට අදාළ නිබන්ධනයේ වැඩකටයුතු සඳහා අදාළ මහාචාර්යවරුන් මුණගැසීමට තමා චීනයට ගිය බව හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකත්වය තීරණය කරන ආකාරයට ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වන බවත්, අනිද්දා (20දා) ආරම්භ වන පාර්ලිමේන්තුවේ අසුන් ගන්නේ පක්ෂයේ දැනුම්දීමට අනුව බවත් හෙතෙම පැවසීය.
අසුන් ගන්නේ ආණ්ඩු පක්ෂයේද, විපක්ෂයේද යන්න තවම පැවසිය නොහැකි බවද බන්දුල මහතා සඳහන් කළේය.