චීනය සමග ඉදිරියටත් කටයුතු කරනවා - මලික්
චීන ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් තර කර ගැනීමට කටයුතු කරන බවත්, විශාල සංවර්ධනයක් ලබාගෙන ඇති චීනය සමග කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවටද වාසියක් අත්වන බවත් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
එසේම හම්බන්තොට ප්‍රදේශයේ ස්වාභාවික ද්‍රව ගෑස් බලාගාරයක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගත වූ බවත්, මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරය ඉදිකිරීම සඳහා චීනය ඩොලර් මිලියන 700ක සෘජු විදේශ ආයෝජනයක් සිදුකර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ක්‍රියාකාරීව චීනය දායක වන බවත්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ගිවිසුමට එක්ව අමාරු අවස්ථාවකදී ශ්‍රී ලංකාවට උදව් කිරීම පිළිබඳව චීන රජයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
චීනය සමග ඉදිරියටත් කටයුතු කරන බවත්, ඒ හරහා චීනය ලබන විශාල සංවර්ධනයේ වාසිය ශ්‍රී ලංකාවට හිමිවන අතර, චීනය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


