ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ හා ස්ථාවර ආරක්ෂක සහයෝගීතාවක් පවත්වාගෙන යාමට චීනයට අවශ්‍ය බව චීන ආරක්ෂ අමාත්‍ය චැන් වැන්කුආන් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාට පැවැසූ බව රොයිටර් පුවත්සේවය වාර්තා කළේය.
අද (09දා) මෙම හමුව සිදුව තිබෙන බවත් ඉන් අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව ආරක්ෂක අමාත්‍යවරයා පැවැසූ බවත් රොයිටර් පුවත්සේවය වාර්තා කළේය.
එහිදී ආරක්ෂක අංශ අංශ සාමාජිකයින් පුහුණුකිරීම ඇතුළු තවත් ආරක්ෂක කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙන බව රොයිටර්ස් පුවත්සේවය වාර්තා කළේය.