චීනය ලංකාවට ළං විම ගැන ඊෂ්‍යයා වෙන්න එපාලු
චීනය ශ්‍රී ලංකාවට ළංවිම පිළිබඳව ඊෂ්යායා නොවන ලෙසත් හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අත්සන් කරන ගිවිසුමත් සමග එක්වීම වඩාත් වැදගත් බව චීන මාධ්‍ය සඳහන් කරයි.
චීනය ශ්‍රී ලංකාවට සමීප වීම පිළිබදව ඉන්දියාව මෙන්ම ජපානය කිසියම් තිගැස්මක පවතින බවට ජපානයේ මාධ්‍ය වාර්තා කළ බවත් එයට පිළිතුරු සපයමින් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය ඉහත අදහස් දක්වයි.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාවය ඉන්දියාව හා ජපානය ඇතුළු කිසිඳු තෙවැනි පාර්ශ්වයකට ගැටලුවක් නොවන බවත් ශ්‍රී ලංකාව හා සබඳතා ඇතිකර ගැනීමට ඉන්දියාවට මෙන්ම ජපානයට නිදහස් අවස්ථාවක් ඇති බවත් එම පුවත්සේවයේ ව්‍යාපාරික පිටුවේ සඳහන් ලිපියේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ වරාය කටයුතු ඉහළ නැංවීම සඳහා ජපානය හා ඉන්දියාව උපකාර නොකරයි නම් ඔවුන්ට චීනයට සමීපවිමට සිදුවෙනු ඇති බවත් එම ලිපියේ සඳහන් වෙයි.
නව වරාය මාර්ග ඇතිකරමින් දකුණු ආසියාවේ ප්‍රවාහන කටයුතු වැඩිකිරිමට චීනය ගන්නා ක්‍රියාමාර්ග වලින් මුලින්ම සෙත සැලසෙන්නේ ඉන්දියාවට හා බංග්ලාදේශයට බවත් දකුණු ආසියානු බොහෝ රටවල් චීනය හා සම්බන්ධ වීමට කටයුතු කරන අවස්ථාවක ඉන්දියාවද ඒ පිළිබඳව නව මානයකින් සිතිය යුතු යැයි එහි වැඩිදුරටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

