හම්බන්තොට වරාය ශ්රි ලංකාව හා චීනය හා ඒකාබද්ධව මෙහෙයුම් කිරිමට ගිවිසුම් අත්සන් කළත් චීන හමුදා ක්රියාකාරකම් හම්බන්තො සිදු නොවනු ඇති බව චීනයේ ශ්රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසයි.
එසේම ශ්රී ලංකාව හා චීනය අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සැන් තැබීමට නියමිත බවත කරුණාසේන කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මෙ වසරේ මැයි මාසයේදි චීනයේ සංචාරය කිරීමට නියමිත බවත් ඔහු පවසයි.
චීනයේ බීජිං නුවර පැවැති ශ්රී ලංකා නිදහස් උත්සවය අමතමින් ඔහු මේ බව පවසා ඇත. එසේම හම්බන්තොටදී පැවැති විරෝධතාව පිළිබඳව චීන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබූ නමුත් එයට එක්වූ පිරිස කුඩා ප්රමාණයක් බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.