ශ්‍රී ලංකාවට චීනය ළංවීමට එරෙහිව ඉන්දියාව කටයුතු කරමින් සිටින බව චීන ජාතික පුවත්පතක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
ඉන්දීය සාගර කලාපයේ ඉන්දියාවට ඇති බලය අහිමි වේයැයි බිය හේතුවෙන් ඉන්දියාව මෙසේ ශ්‍රී ලංකා - චීන සබඳතා සඳහා එරෙහිව කටයුත කරන බව චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
චීනයේ අධ්‍යාපඥයෙකු වෙන යී මින්වෑන්ග් හා සාකච්ඡාවක් පවත්වමින් ග්ලෝබල් ටයිම්ස් පුවත්පත මෙම තොරතුරු වාර්තා කර තිබේ. හම්බන්තොට වරාය ගනුදෙනුව පිළිබඳව ඉන්දියාව වැඩි වශයෙන් අවධානය යොමු කර ඇතැි මින්වෑන් පවසයි.
කෙසේ වෙතත් මෙම ගිවිසුමෙන් ඉන්දියාවට බලපෑමක් නොවන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක ආකාරයෙන් බලපානු ඇති බවත් මින්වෑන්ග් පවසයි.