චීන නාවික හමුදාවේ සාගර පර්යේෂණ නෞකාවක් වන “ක්ව්යෑන් සන්ෂින්ං ” නෞකාව ඉන්ධන අවශ්යතාවයකට සහ තාක්ෂණික නතර කිරීමක් සඳහා අද (1දා) උදෑසන කොළඹ වරායට පැමිණ තිබේ.
සම්ප්රදානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් නෞකාව පිළිගෙන තිබේ. නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් යැන්ග් හෙයිටෝ මහතා ඇතුළු නිලධාරීන් රියර් අද්මිරාල් නිරාජ ආටිගලමහතා හමුවී සුහද කතාබහක නිරත විය. ක්ව්යෑන් සන්ෂින්ං නෞකාව මෙම මස 6 වන දින දක්වා ශ්රී ලංකාවේ රැඳී සිටිනු ඇත.