චීන නාවික හමුදාවට අයත් කී ජි ගුආන්ග් පුහුණු නෞකාව අද (10දා) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. දින 5 ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවේ කාර්යය මණ්ඩලය වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කර ගැනීම හා මිත්රත්වය ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.
සංචාරයෙන් අනතුරුව “කී ජී ගුආන්ග්” නෞකාව එළඹෙන 14 වන දින කොළඹ වරායෙන් පිටත්වීමට නියමිතය. දිගින් මීටර් 163. 5 කින් සහ පළලින් මීටර් 22.2 කින් යුත් නෞකාව ටොන් 10907 ක ධාරිතාවයකින් යුක්ත වේ. එහි නාවික පුද්ගලයින් 549 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.