චීනයේ ෂැංහයි නුවර නව අවුරුදු උදාව උත්සවයේදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 42ක් තුවාල ලබා ඇති බව චීන මාධ්‍ය පවසයි.
ෂැංහයි නුවර චෙනී චතුරස්රයේදී හුවාංග්පු ගංගාව ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති බවද පවසයි.
2015 නව වසර උදාව සැමරීම සඳහා එම ස්ථානයට ලක්ෂ ගණනක ජනතාවක් සහභාගි වී තිබේ.
සමාජජාල වෙබ් අඩවි පෙන්වා දෙන්නේ රාත්‍රී සමාජශාලාවක බැල්කනියකින් ව්‍යාජ මුදල් නෝට්ටු මාර්ගයට වීසි කිරීමේදී ජනතාව පොර බැදීමෙන් මෙම තෙරපීම සිදුව ඇති බවයි.
චීන වේලාවෙන් 31 වැනිදා රාත්‍රී 11.35 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.