දික්වැල්ල නගරාසන්න මුහුදු තීරයේ දිය නාමින් සිටි චීන ජාතිකයෙකු අද (24දා) උදෑසන දියේ ගිලීමෙන් මිය ගොස් ඇත. එසේම දියේ ගිලිණු තවත් චීන කාන්තාවක්, දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර රෝහලට මාරුකර යවා ඇත.
සංචාරක හෝටලයක සේවකයින් හා ප්ර‘දේශවාසීන් එක්ව දියේ ගිලුණු දෙදෙනා ගොඩගෙන දික්වැල්ල රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ෂෙන් චුන් නැමැති 54 හැවිරිදි චීන ජාතිකයා මියගොස් තිබිණි.
දික්වැල්ල නිමල් ලන්දගේ