චීන ජනපති ෂි ජින්ග්පින්ග් මහතා තම ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මෙරට පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඒ මහතාගේ සංචාරය ලබන සැප්තැම්බර් මාසයේ සිදුවීමට නියමිත බවත් ඒ මහතා එසේ පැමිණෙනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුව බවත් සඳහන් වෙයි.
එසේම ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා චීනයේ සංචාරය කළේය. චීනය මෙරට විශාලතම සංවර්ධන පාර්ශ්වකරුවා වන අතර, දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් මේ වසර තුළ අත්සන් කිරීමට ද නියමිතය.