දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ එම ආර්යා පෙන්ග් ලියුඈන් මහත්මිය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් අද (17දා) දහවල් දිවයිනෙන් පිටත්ව ගියහ.
චීන ජනාධිපතිවරයාට සමුදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සෙසු මැති ඇමතිවරුන් පැමිණීමටත් පෙර සිටම කටුනායක ජාත්‍යන්තර ප්‍රභූ පර්යන්තයට පැමිණ එහි රැඳී සිටියේය.
අනතුරුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිස පැමිණියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද හෙලිකොප්ටරයකින් කටුනායකට පැමිණි අතර, චීන ජනපතිවරයාට ගුවන් හමුදා උත්තමාචාරයක්ද පිරිනැමිණි.