චීන ජනපති ෂී ජින්පින් මහතා එළඹෙන 16 දා සිය දෙදින නිල සංචාරය ආරම්භ කරමින් දිවයිනට පැමිණීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
2013 වසරේදී ශ්රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීනයේ සිදුකළ සංචාරයේදී චින ජනපතිවරයාට ශ්රී ලංකාවේ සංචාරය කරන ලෙසට කරනු ලැබූ ඇරයුමක ප්රතිඵලයක් ලෙසින් ඔහු දිවයිනට පැමිණෙයි. චීන ජනපතිවරයා නැවතත් 17දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
චීන ජනපතිවරයෙකු දිවයිනට පැමිණෙන්නේ වසර 28කට පසුවයි.