වැල්ලවත්ත පොලිස් වසමේ ගාලු පාර ආසන්නයේදී පසුගිය මස 26 වැනිදා චීන ජාතික කාන්තාවකගේ රුපියල් එක්කෝටි පනස්හතරලක්ෂයක මුදලක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (11දා) පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය පවසයි.
සැකකරු ගම්පහ මූලස්ථාන පොලීසියට අනුයුක්තව ගම්පහ විශේෂ විමර්ශන අංශයේ කටයුතු කරන පොලිස් සැරයන්වරයෙකු බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 05 වැනිදා මීගමුව ප්රදේශයේ පදිංචි කාන්තාවක හා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයා අත්ඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (12දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.