චිලී දේශයට බලපෑ රික්ටර් පරිමාණ 8.3ක භූ කම්පනයෙන් පසු මිලියනයක පමණ ජනතාවක් සිය නිවාස අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බව වාර්තා වෙයි.
භූ කම්පනයෙන් පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටි ඉල්ලාපෙල් ප්‍රදේශයේ නිවාස රැසකට බලවත් හානි සිදුවී තිබූ බව චිලී මාධ්‍ය පවසයි.
මේ අතර, භූ කම්පනයත් සමග වෙරළාශ්‍රිත නගරයක් වූ කොක්යුම්බෝ වෙත මීටර් 4.7ක් උස උදම් රළ සමග සුනාමි තත්ත්වයක්ද ඇතිවී තිබුණි.
මෙම සුනාමි රළ උතුරු හා දකුණු වෙරළ කලාපවලටද බලපා තිබුණු බව චිලී මාධ්‍ය වාර්තා කරයි.