අමාත්‍යවරුන් වන චම්පික රණවක හා රාජිත සේනාරත්න මහත්වරුන් එජාපය තුලින් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර ඇති බවට වාර්තාවේ.
චම්පික අමාත්‍යවරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ රාජිත අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇති අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ තවත් එජනිස මන්ත්‍රීන් කිහිපදෙනෙක් එජාපය සමඟ සම්බන්ධ වීමට තීරණය කර ඇති බවද වාර්තාවේ. බොහොවිට මේපිළිබඳව හෙට දිනයේ දී නිවැරදි තොරතුරක් දැනගැනීමට හැකිවෙනු ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. මේපිළිබඳව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රකිත රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් ඔස්සේද ප්‍රකාශකර තිබේ