හිටපු ජනපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ තොරතුරු සෙවීම සඳහා රජය කටයුතු නොකළ බව ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතා චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මියට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
පසුගියදා හිටපු ජනපතිනිය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලිපියක් යොමු කරමින් සඳහන් කළේ තමා පිළිබඳ ඔත්තු සෙවීමට රජය කටයුතු කරන බවයි.
කෙසේ නමුත් ලේකම්වරයා සිය ලිපියෙන් සඳහන් කරන්නේ ඇයගේ දුරකථන සංවාද, විද්යුත් තැපැල් ගිණුම් තොරතුරු, මෙන්ම හොරගොල්ලේ හා කොළඹ පිහිටා තිබෙන නිවාසවල තොරතුරු කිසිවක් රජය විසින් සෙවූ බවට වන චෝදනා ජනපති විසින් ප්රතික්ෂේප කළ බවයි.