චන්ද්‍රිකාගේ වාර්තාවට මනුෂගේ විරෝධය
සංහිඳියා කමිටු කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ සංහිඳියාවක් ඇති කිරීමට නොවන බවත්, එම කමිටු වාර්තාව අනුව විදේශීය විනිසුරුවන් පත්කිරීමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ගාල්ලේ පැවැති රැස්වීමකට සහභාගි වෙමින් මේ බව කී ඒ මහතා,
සංහිඳියාවක් ඇති කිරීමට කියලා දැන් කමිටු වාර්තාවක් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බාර දී තිබෙනවා. මෙම කමිටු වාර්තාවේ තිබෙන දේවල් දිහා බැලුවාම කමිටුව කටයුතු කර තිබෙන ආකාරය පැහැදිලි වෙනවා. මෙය රටට හිතකර වාර්තාවක් නොවෙයි.
මෙම කමිටු වාර්තාවේ ප්‍රධාන යෝජනාව වන්නේ යුද්ධය අවසන් කාලයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජාත්‍යන්තර විනිසුරුවන් පත් කළ යුතු බවයි. කිසිම ආකාරයකින් ලංකාවේ අධිකරණ පද්ධතියට විදේශ විනිසුරුවන් පත් නොකරන බවට ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා. මේ කමිටු වාර්තාව රටේ නායකයාගේ දර්ශනය ගැන කිසිම අවබෝධයක් නැතිව ඉදිරිපත් කළ වාර්තාවක්. ජනාධිපතිතුමාගේ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වන්නේත් විදේශ විනිසුරුවන්ට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි” යනුවෙන්ද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

