ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල සහ මහින්ද පිල අතර සමගිය ඇති කිරීම සඳහා තීරණයක් ගැනීමට පැවැති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී.ල.නි.පයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර දැඩි වාග් සටනක් ඇති වූ බව වාර්තා වේ.
පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ සමය දැඩිව විවේචනය කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙවර දෙපක්ෂය සමගි විය යුතු බව තරයේ ප්‍රකාශ කර ඇත. හිටපු ජනපතිනිය සමග වාග් සටන ආරම්භ වී ඇත්තේ ඒත් සමගය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු සතුරා එ.ජා.ප.ය බවට හඳුනාගතයුතු යැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කිරීමත් සමග හිටපු ජනපතිනිය දැඩි ස්වරයෙන් ප්‍රකාශ කර ඇත්තේ යූ.ඇන්.පී.යට බණින බැණිල්ලට වඩා පොහොට්ටුව ගහන ගැහිල්ල ගැන බැලිය යුතු බවයි. එවිට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම පක්ෂයක මතගැටුම් ඇතිවන බවත් ඒ අය අපේම අය බවට හඳුනාගතයුතු බවත්ය.
එහිදී හිටපු ජනපතිනිය මහින්ද පිලට දිගින් දිගටම දෝෂාරෝපණය කර තිබේ.
දේශය ඇසුරෙනි