හිටපු ජනපතිනී, ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ සභාපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඇමෙරිකාවේ නිව්යොක් නුවරදී මෙම හමුව සිදුවූ බව ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මෙහිදී රජය විසින් සංහිදියාව ශක්තිමත් කිරීමට ගන්නා වූ ක්රියාමාර්ග මෙන්ම ජාතික සමගිය හා සංහිදියා ලේකම් කාර්යාලයේ කාර්ය භාරය ගැනද මහලේකම්වරයා දැනුවත් කිරිමට හිටපු ජනපතිනිය කටයුතු කර තිබේ.