තමන්ට සිදුකරන අපහාසවලට එරෙහිව ජනවාරි 09 වැනිදායින් පසුව උසාවිගොස් නීතිමය පියවරගන්නා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (05දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් පළකළ ඇය සඳහන් කළේ ප්රභාකරන්ට සමච්චලයට මෙන් 'මිස්ටර්' යෙදුම භාවිත කළ බවයි. වත්මන් ජනාධිපතිවරයාද ප්රභාකරන්ට මිස්ටර් යන යෙදුමෙන් ආමන්ත්‍රණය කර ඇති බවද හිටපු ජනාධිපතිනිය මෙහිදී සඳහන් කළාය.