මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් පැමිණිලි 115ක් මේ වන විට ලැබී ඇති බවයි කැෆේ සංවිධායේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය. මහජන දේපළ හා රාජ්ය සේවකයින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම සහ අයථා පත්වීම් හා ස්ථාන මාරු සම්බන්ධයෙන් පැමිණිලි 70ක් ඒ අතර වන බවත් මහ මැතිවරණයට තරග කරන පළාත් සභා හෝ පළාත් පාලන නියෝජිතයින් එම ආයතනවල සම්පත් සිය මැතිවරණ කටයුතු සඳහා අයථා ලෙස භාවිත කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.