ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයට හැකියාවක් නොමැති බව ඉන්දීය රජය විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබේ.
එසේම එම ඝාතකයන් නිදහස් කිරීමට බලය ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට පමණක් බවද ඉන්දීය රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. රජිව් ගාන්ධි ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා ඇතුළු හත්දෙනෙක් නිදහස් කරන බවට තමිල්නාඩු රජය විසින් ඉන්දීය මධ්‍යම රජයට මීට ඉහතදී දැනුම් දුන්නේය.
නමුත් එයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළේය.