ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය නමින් ව්‍යාජ සංවිධාන දෙකක් කටයුතු කරගෙන යන බැවින් මුල් සංවිධානයේ නම වෙනස් කළ බව එහි සභාපති වසන්ත කීර්තිරත්න මහතා පැවසීය.
ඒ අනුව ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය මින් ඉදිරියට ‘ජගත් දේශප්‍රේමී ලාංකික සංදය’ නමින් පවත්වාගෙන යන බවද හෙතෙම පැවසීය.
පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුනොකළ බවට අදහස් පළකිරීමට ඉදිරිපත්වූයේ තම සංවිධානය බවත්, සරත් වීරසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එම සැසිය නියෝජනය කළ බවත් පැවසූ ඒ මහතා රට වෙනුවෙන් ඉදිරියටත් එම කටයුතුවල යෙදෙන බව කියා සිටියේය.
ඉතාලිය මූලස්ථානය කරගෙන පවත්වාගෙන යන ‘ජගත් දේශප්‍රේමී ලාංකික සංදයේ’ ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ කාර්යාල පිහිටුවා තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.