කැබිනට් අනුමැතිය අනුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට අහිමි වූ මුදල් වලින් 41%ක් කැබිනට් මණ්ඩලය ගෙවීමට පොරොන්දු වූ බවට වන වාර්තාව ලිඛිතව අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කටයුතු නොකළේය. ඒ සඳහා වෙනත් දිනයක් ඔහු ඉල්ලුවේය. ඒ අනුව එම වාර්තාව ලිඛිතව ජුලි මස 8දා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.