පොලීසිය මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බවත්, එලෙස අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද (13දා) දින ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.
ඒ අනුව විනිසුරු ඊවා වනසුන්දර, විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ සරත් ද ආබ_ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවීමට නියමිතය.
පොලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ නිකුත් කළ ගැසට් පත්‍රය නීතිවිරෝධී එකක් ලෙසට ප්‍රකාශයට පත්කරන ලෙසද මෙම පෙත්සමින් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.
පෙත්සමින් කැබිනට් අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පුද්ගලයන් 45 ක් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත.