මහින්ද රාජපක්ෂ රජයේ විශාල වංචා, දූෂණ රැසක් ඉදිරියේදී ආනාවරණය වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, උඩුගම මහා විද්‍යාලයේ පැවැති 'සුවසර සුව උදාන' වැඩසටහනට සහභාගි වෙමිනි.
ඉදිරියේදී මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරීක්ෂණ නිමාවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමීත්වය රටට දැනගත හැකි බවත්, වැරදිකරුවන් වන සියලුදෙනාට දඬුවම් ලබාදෙන බවත් ආමාත්‍යවරයා පැවසීය.
වර්තමාන රජය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රැසක මිල පහත දමා ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමූ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.