ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවන ජාතික සමගි සන්ධාන ආණ්ඩුව මගින් ගොවීන්ගේ නිෂ්පාදන වලට හොඳ වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ඔවුන්ට විශ්රාම වැටුපක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා අද (30) මන්නාරම ප්රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ප්රකාශ කළේය.
එසේම ධීවර ජනතාවට වැටුප් ක්රමයක් ලබාදීමටත් දේශීය ධීවර කර්මාන්තය තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමට ක්රමෝපායන් සකස් කරන බවත් හෙතෙම කීය.
"මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයට විරුද්ධව 75% ක පමණ ජනතාවක් මෛත්රී පාලනය වෙනුවෙන් පෙළගැසී හමාරයි. ජනතාවගේ ප්රශ්න ගැන නොසිතන පාර්ලිමේන්තුවේ ඇමති මණ්ඩලයේ බලයත් අහිමි කර සිටින එම පාලන ක්රමය වෙනුවෙට ප්රජාතන්ත්රවාදයත් නිදහසත් ආරක්ෂා කරන ආණ්ඩුක් නිර්මාණය කිරීමට ලංකාවේ ජනතාව සූදානම්."