එච්.අයි. තුෂාර
සංස්ථාව සතු පෙට්‍රල් තොග තවදුරටත් බෙදාහැරීම සිදුවන බැවින් ලංකාවට පැමිණ තිබෙන පෙට්‍රල් නැවෙන් ගොඩබාන ලද ඉන්ධන බෙදාහැරීම සවස 6.00 ආරම්භ කරන බව මුතුරාජවෙල ගබඩා පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.
පැයට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 600ක ධාරිතාවයෙන් ඉන්ධන ගොඩබෑම සිදුවන බවද එම නිලධාරියා පවසා සිටියේය.
මේ හේතුවෙන් ගොඩබාන ලද පෙට්‍රල් බෙදාහැරීම සඳහා සවස 6.00 පමණ වනවිට මුතුරාජවෙලට පැමිණෙන ලෙස බවුසර් හිමියන් දැනුවත් කළ බවද හෙතෙම සඳහන් කළේය.