රක්නා ලංකා සමාගමට එරෙහි හා ඇවන්ට් ගාඩ් සභාපතිට එරෙහි පැමිණිල්ල හා විභාග කිරීමට බරපතල වංචා දුෂණ කොමිසමට බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන ලද මුලික විරෝධතා ප්රතිකෙෂප කළ කොමිසම මෙම පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළේය.
රක්නා ලංකා සමාගමට එරෙහි පැමිණිල්ල හා විභාග කිරීමට බරපතල කොමිසමට බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ඇවන්ට් ගාඩ් සභාපතිට එරෙහි පැමිණිල්ල හා විභාග කිරීමට කොමිසමට බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක්ද ඉදිරිපත් කරන ලදී.
මෙම සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක කොමිසම හමුවේ සාක්කි විභාග කිරීම ආරම්භ කරන ලද අවස්ථාවේ මෙම මුලික විරෝධතා ඉදිරිපත් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ කොමිසමේ කොමසාරිස්වරු එම මුලික විරෝධතා ප්රතිකෙෂප කරමින් තවදුරටත් සාක්කි විභාග කිරීමට තීරණය කළේය.