රටේ සංවර්ධනය වෙනුවෙන් තම සේවය වඩා කැපවීමෙන් යුතුව නොකඩවා ඉදිරියටත් කරගෙන යා යුතු බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරමින් පැවැසීය.
පසුගිය 01 දා පැවැති උත්සවයේදී තවදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා පවසා සිටියේ රටේ සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ලෙස විශාල සේවයක් ඉටුවන බවයි.
ගෙවීගිය වසරේදී අමාත්‍යාංශය යටතේ තිබූ සියලුම ආයතනවලින් කරන ලද කාර්යයන් තුළින් වඩා සාර්ථක ප්‍රථිපල ලබා ගැනීමට හැකි වූ බවත් ඒ පිළිබදව සියලු දෙනා වෙත ස්තූතිය පිරිනමන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.