ස්ටීවන් සොට්ලොෆ් නමැති ඇමෙරිකානු මාධ්‍යවේදියා ගෙල සිඳ ඝාතනය කිරීම තුළින් ඇමෙරිකා එක්සත් ජනපදය කිසිසේත්ම බිය වැද්දීමට ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට නොහැකි බව ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා අවධාරණය කරයි.
එහිදී, ඔබාමා අනතුරු අඟවමින් පවසා සිටින්නේ ඔවුන්ගේ ඉලක්කය ළඟ නොවන බවත්, යුක්තිය පසිඳලීම සිදුකරන බවත්ය.
එමෙන්ම, සිය මාධ්‍යවේදියා මරා දමනලද ම්ලේච්ඡත්වය මගින් ලෝකය ඉස්ලාමීය රාජ්‍යයේ අන්තවාදීන් පිළිකුල් කරන තත්ත්වයකට ඇතිවී තිබෙන බවද ඔබාමා පවසයි.
එස්තෝනියාවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන්ගේ ත්රස්තවාදයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන සටන තවත් දැඩි වූ බවයි.
ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයක් සඳහා සටන් වදින ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියකු වූ ස්ටීවන් සොට්ලොෆ්ගේ හිස ගසා මරා දමනු ලබන ආකාරය දැක්වෙන නවතම වීඩියෝ පටයද පිළිගත හැකි එකක් බව ඇමෙරිකානු විශේෂඥයෝ පවසති.
පසුගිය මාසයේදී ඇමෙරිකානු මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆෝලේගේ ගෙල සිඳින වීඩියෝවක් අන්තවාදීන් විසින් අන්තර්ජාලයට මුසුකළ අතර, එහිදී, ඇමෙරිකානු ගුවන් ප්‍රහාර තවදුරටත් සිදුකළහොත් ස්ටීවන්ද මරා දමන බවට අනතුරු ඇඟවීමක්ද කළේය.
මේ අතර, මෙවර වීඩියෝවෙන් ISIS ඉස්ලාමීය අන්තවාදීන් මහා බ්‍රිතාන්‍ය වෙතද අනතුරු ඇඟවීමක් කරමින්, ඔවුන්ගේද ප්‍රාණ ඇපකරුවෙකු මීළඟ බිල්ල බව පවසා සිටියි.