ගුවන් යානයක යැයි සැකකෙරෙන රිම් එකක් සහ හැඬලයක් අලුත්ගම, මොරගොල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සිදුකිරීමට ගිය ධීවරයන් පිරිසකගේ දැලකට හසු වී තිබේ.
මොරගොල්ල වෙරළේ සිට කිලෝමීටරයක් දුරින් පිහිටි ප්රදේශයේ ධීවර කටයුතු සිදුකිරීමේදී මෙම කොටස් හමුවී තිබෙන අතර, එම කොටස් සියල්ලම ධීවරයන් විසින් අළුත්ගම පොලීසියට භාරදුන් බව ධීවරයෝ පවසති.
අලුත්ගම පොලීසිය මේ පිළිබඳව ගුවන් හමුදාව දැනුවත් කර තිබෙන අතර, අදාළ කොටස් සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.