ගුවන්තොටුපල සහ වරායවල ක්රියාත්මක ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක ජාලය අක්රීය වී තිබේ. අද පෙරවරු 6.10 සිට 6.45 දක්වා එම දෝෂය පැවති තිබේ. කෙසේවෙතත් මේවනවිට අදාළ දොෂය මහහරවා ඇති අතර ගුවන් ගමන්වල සුලු ප්රමාදයක් ඇතිවීයහැකි බව බළධාරීන් දන්වාසිටියි. අද පෙරවරු 07.25ට සිංගප්පූරුව බලා පියාසර කිරීමට නියමිතව තිබු UL 302 යානයේ මගීන් ප්රාමාණය ඉක්මවා ඇති බවට ද සංඥා ලැබී තිබේ. එහි මගියෙකු වැඩි බව දක්වා ඇති අතර 'වැඩි' මගියා යානයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව යානය පෙරවරු 08.31 ට පිටත්ව තිබේ.