2014 වර්ෂය වෙනුවෙන් පිරිනැමූ ජාතික ඵලදායීතා සම්මානයෙහි රාජ්ය අංශයේ දෙපාර්තමේන්තු වර්ගීකරණය යටතේ ප්රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්රී ලංකා ගුවන් හමුදාව සමත් විය.
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසැල, රත්මලාන මූලික කඳවුරේ අංක 04 බලඝනය සහ කටුනායක මූලික කඳවුරේ ගුවන්යානා ඉංජිනේරු පක්ෂාංගය යන ස්ථානවල මෙහෙයුම්, ඉංජිනේරු, පුහුණුවල පර්යේෂණ හා සංවර්ධන සහ සුභසාධනය යන අංශවල ඵලදායීතාව ඇගයීම මගින් මෙම සම්මානය ප්රදානය කෙරිණි.