බෙලිඅත්ත රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි ගුවන් හමුදා සෙබලෙකුට ඊයේ (21දා) රාත්රී නාඳුනන පුද්ගලයන් තිදෙනෙකු තියුණු ආයුධවලින් එල්ල කළ ප්රහාරයකින් බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කොට තිබේ.
ප්රහාරයට පැමිණි පුද්ගලයන් හමුදා සෙබළාට පහරදී ඇත්තේ වෙනත් අයෙකු යැයි වරදවා වටහාගෙන යැයිද, සඳහන් වේ. ඉලක්කගත යැයි සැලකෙන පුද්ගලයා මීට පෙර ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්ව අදාළ සෙබළා සිටි වාට්ටුවේ ඔහුගේ යාබද ඇඳෙහි ප්රතිකාර ලබමින් සිට ඇති අතර පහරදීමෙන් පසු ඔහු ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
ෙප්රහාරයට පැමිණි පුද්ගලයන් මේ වවනවිටත් හඳුනාගෙන තිබෙන බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කරතිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.