ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා සිටින ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවට ගොඩබාන, ගුවන් ගතවන හා ශ්‍රී ලංකා ගුවන් කලාපය හරහා පියාසර කරන ගුවන් යානා මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ඇති බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රි ලංකවේ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා ගුවන් ගමන් පාලකවරු 120ක් අවශ්‍යවුවත් සිටින්නේ 82දෙදෙනෙකු පමණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
දිනක් තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන, පිටත්වන හා ගුවන් කලාපය හරහා පියාසර කරන ගුවන් යානා ප්‍රමාණය 300ක් බවත් ඊට අමතරව ශ්‍රී ලංකාව තළ පුහුණු ගුවන් යානා හා සැහැල්ලු ගුවන් යානා 100ක් පියාසර කරන බවත් ඔවුන් පෙන්වාදෙයි.
ඒ සඳහා විසඳුම් ලෙසින් අලුතෙන් ගුවන් ගමන් පාලකවරුන් 36 දෙනෙකු බඳවා ගැනීමට අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ගුවන් තොටුපොළ පාලන අධිකාරියට උපදෙස් දුන්නද මේ දක්වා එය ක්‍රියාත්මක වී නොමැති බවද ඔවුහු පවසති.
අංජන ශ්‍රී කුමාර