ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා නඩත්තු කිරීම සඳහා නඩත්තු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීන රජයේ එකඟතාව ලැබී තිබේ. මෙතෙක් කලක් චීනයට ගෙන ගොස් ගුවන් යානා නඩත්තු කටයුතු සිදුකිරීම නිසා ශ්‍රී ලංකා රජයට අධික පිරිවැයක් දැරීමට සිදුවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.එම මුදල් රට තුළ ඉතිරි කර ගැනීමේ අරමුණෙන් මෙම නඩත්තු මධ්‍යස්ථානය ඉදිකළ යුතු බවට තීරණය කළ බව සඳහන් කළ ඒ මහතා, චීන රජයේ පුහුණු නිලධාරීන් කණ්ඩායමක් ඉදිරි වසර 2 ඇතුළත මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එම පුහුණුව ලබාදීමට එකඟතාව පළ කර ඇතැයිද පවසා සිටියේය.