රාජගිරිය මංසන්ධියේ මංතීරු හතරකින් යුත් ගුවන් පාලමක් ඉදි කිරීමටත්, ඊට අමතරව නිරන්තරයෙන් සිදු වන දුම්රිය ගේට්ටු වැසීම හේතුවෙන් ඇති වන දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා ගණේමුල්ල සහ පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ගයන්ට ඉහළින් මංතීරු දෙකකින් යුත් ගුවන් පාලම් දෙකක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇත. ඒ අනුව පිණිස අවශ්‍ය අරමුදල් ලබාගැනීම සඳහා ස්පාඤ්ඤ රජය සමඟ සහ ස්පාඤයේ BBVA බැංකුව සමඟ ගිවිසුම්වලට එළඹීම සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.