රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබලි 24 ක් තම අත් බෑගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඊයේ (01දා) අලුයම රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ සැකකරු අකුරණ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවයි.
ඔහු නිතර නිතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යාම් ඊම් කරනු ලබන පුද්ගලයෙක් බවද කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත. අත් අඩංගුවට ගත් රන්කැබලි වල බර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් හාරසියයක් බව රේගුව කියයි.
ජෙට් ගුවන් සේවයට අයත් 9 ඩබ්ලිව් 256 දරණ ගුවන් යානයෙන් පෙරේරදා අළුයම 5.55 ට පමණ මෙරටට පැමිණි සැකකරු පිළිබඳ ගුවන් නියමුවා දුන් තොරතුරක් මත රේගුව ඔහු අත් අඩංගුවට ගෙන ඇත.